කුණු කන්ටේනර් පිළිබඳ වාර්තාවක් කැඳවයි

මධ්‍යම පරිසර අධිකාරිය කුණු කන්ටේනර් පිළිබඳ වාර්තාවක් කැඳවයි

by Staff writer 26-07-2019 | 7:10 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, එම කන්ටේනර්වලින් දැඩි දුඟදක් වහනය වීම හේතුවෙන් මේ පියවර ගත් බව ය. අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් කොළඹ වරායේ පවතින බව ද ඔහු පැවසුවේ ය. මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට අනුබද්ධ ලොව අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අත්සන් කර ඇති බ්‍රසල් සම්මුතියේ ජීනීවාහි පිහිටි මූලස්ථානයට පැමිණිලි කළ බව ද අජිත් වීරසුන්දර මහතා පැවසුවේ ය.