බෞද්ධාලෝක මාවත ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

බෞද්ධාලෝක මාවත ආශ්‍රිතව අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 26-07-2019 | 6:41 AM
COLOMBO (News 1st) - බෞද්ධාලෝක මාවත ආශ්‍රිතව අද සිට මාස තුනක කාලයක් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව බෞද්ධාලෝක මාවතේ ස්ටැන්ලි විජේසුන්දර මාවත මංසන්ධියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා කොළඹින් පිටවීමේ මංතිරුව දක්වා රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙනු ඇති. . ඊට විකල්ප මාර්ග ලෙස තුන්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වන වාහන තර්ස්ටන් මාර්ගයෙන් නන්දා මෝටර්ස් හරහා නිදහස් වටරවුමෙන් පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි ය. කොළඹ මහ නගර සභාව සිදු කරන කැනීම් කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවල වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.