පැය 24ක් තුළ බීමත් රියැදුරන් 235ක් අත්අඩංගුවට

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 235ක් අත්අඩංගුවට

by Staff writer 26-07-2019 | 4:31 PM

COLOMBO (News 1st) - පැය 24 ක් තුළ දීපව්‍යාප්තව සිදු කළ මෙහෙයුම්වලින් බිමත් රියැදුරන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම් ක්‍රියාත්මක බව ය. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ආරම්භ කළේ, පසුගිය 5 වන දා ය. එදින සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 5497කි. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.