ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-07-2019 | 6:33 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන විදේශීය කසළ තොගය මීළඟ නඩු දිනය තෙක් එම ස්ථානයන්හිම පරිසරයට හානි නොවන ලෙස තබා ගන්නා බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට පොරොන්දු විය. 2. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා හමුවීම පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශේෂ අවධානයක් යොමු විය. 3. කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 4. නීති විරෝධීව අලි ඇතුන් 5 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ නියෝග කළේ ය. 5. මාවනැල්ල නගරය ඇතුළු ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් 11 දෙනෙකු ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. උතුරු කොරියාව වොන්සොන් ප්‍රදේශය ආශ්‍රිතව හඳුනා නොගත් මිසයිල 2ක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසයි.