by Staff writer 26-07-2019 | 5:26 PM
COLOMBO (News 1st) - ගල්කිස්ස ශාන්ත රීටා මාර්ගයේදී මෝටර් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බවයි.
එම කේරල ගංජා තොගයේ බර කිලෝ 18 යි ග්‍රෑම් 552 කි.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි හෝමාගම පදිංචිකරුවෙකි.
ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.