by Chathuranga Rajapaksha 25-07-2019 | 9:36 AM
COLOMBO (News 1st): කඳානේදී යතුරු පැදියක් දුම්රිය ගැටීමෙන් තරුණියක මරුට
කඳාන, ආනියාකන්ද දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක්, දුම්රියක ගැටීමෙන් තරුණියක මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ යතුරු පැදිය, කොළඹ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අනතුරුව සිදුව ඇති බව ය.
අනතුරින් මියගොස් ඇත්තේ කොස්පැළෑන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකි.
රාගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.