by Staff writer 25-07-2019 | 5:44 PM
COLOMBO (News 1st) - මාවනැල්ල නගරය ඇතුළු ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් 11 දෙනෙකු ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.
ඔවුන් මඩකලපුව සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සිද්ධියට අදාළ වෑන් රථයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.