කෝමාරිකා පැල ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිතව කෝමාරිකා පැල ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-07-2019 | 9:50 AM
COLOMBO (News 1st): බලපත්‍ර රහිතව මුහුදු මාර්ගයෙන් කෝමාරිකා පැල ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පේසාලේ මුහුදු තීරයේ නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී ය. උර 22 ක් තුළ බහා අදාළ කෝමාරිකා පැල ප්‍රවාහනය කර ඇත්තේ ඩිංගි යාත්‍රාවකිනි. අත්අඩංගුවට ගත් මන්නාරම පේසාලේ පදිංචිකරුවන් දෙදෙනා සිලාවතුර, අඩවි වන සංරක්‍ෂණ කාර්යාලය වෙත භාර දී තිබේ.