කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 16ක ජල කප්පාදුවක්

by Staff writer 25-07-2019 | 2:59 PM
COLOMBO (News 1st) - කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 8.00 සිට පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊට අමතරව මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බන්ඩාරණායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළොන්නාව ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳ වැටීමක් මීට හේතු වී තිබේ.