වෛද්‍ය සාෆිට ඇප

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට ඇප

by Staff writer 25-07-2019 | 8:49 PM
COLOMBO (News 1st) - කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළේ ය. ඒ, රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත ය. ඇප ලබා දෙමින් කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේ, වෛද්‍ය සාෆි මහතාට සෑම ඉරු දිනකම පෙරවරු 10.00ත් 12.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ය. සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ට නීති විරෝධීව වඳ සැත්කම් කිරීම හා අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනා යටතේ ඔහු පසුගිය මැයි මස 25 වන දා අත්අඩංගුවට ගෙන පසුගිය 11 වන දා දක්වා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළේ ය. අනතුරුව පසුගිය 11 වන දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.