by Staff writer 25-07-2019 | 4:42 PM
(News 1st) - උතුරු කොරියාව වොන්සොන් ප්‍රදේශය ආශ්‍රිතව හඳුනා නොගත් මිසයිල 2ක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියානු හමුදාවේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලය ප්‍රධානීන් සඳහන් කළේ, මෙම මිසයිල උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර 430ක දුරක් පියාසර කළ බව ය.
මෙම මිසයිලවල ක්‍රියාකාරිත්වය සහ පියාසර කළ දුර ඉකුත් මැයි මස උතුරු කොරියාව අත්හදා බැලූ අවසන් මිසයිල අත්හදා බැලීමට සමාන බව දකුණු කොරියාව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වාර්තාව තහවුරු වුවහොත් ඉකුත් ජුලි මස අග අමෙරිකානු ජනාධිපති, උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා අතර පැවැති හමුවෙන් පසු, උතුරු කොරියාව කළ ප්‍රථම මිසයිල අත්හදා බැලීම වනු ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දීරය, පෙන්ටගනය සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් අදහස් පළ කර නොමැත.
දකුණු කොරියාව සහ අමෙරිකාව එක්ව ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීමට සූදානම් වීම සම්බන්ධයෙන් උතුරු කොරියාව පසුගියදා සිය අප්‍රසාදය පළ කර තිබිණි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර වියට්නාමයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූයේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ එකඟතාවයකින් ද තොරව ය.