අගවිනිසුරු හා එ.ජා. නියෝජිතයෙකු අතර හමුවක්

අගවිනිසුරු විදෙස් නියෝජිතයෙකු හමුවීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි

by Staff writer 25-07-2019 | 9:32 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා හමුවීම පිළිබඳව අද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශේෂ අවධානයක් යොමු විය. මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතා මෙරට අගවිනිසුරුවරයා සහ මහාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු හමුවීමට උත්සහ කළ බව කියන සිදුවීම ගැන ඊයේ පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇති විය. විපක්ෂය ඊයේ මේ ප්‍රශ්නය මතු කළේ විනිසුරුවරුන් හමුවීම සම්බන්ධ කරුණු දන්වා විදේශ කටයුතු අමාත්‍යංශය යැවූ බව කියන ලිපියක් ද සභාගත කරමිනි. මහාධිකරණ විනිසුරුවරුන්ගේ හමුවීම වැළැක්වුණේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව විපක්ෂය කළ ප්‍රශ්න කිරීම් හමුවේ කථානායකවරයා මැදිහත්වීමෙනි. නමුත් විශේෂ නියෝජිතයා අගවිනිසුරුවරයා හමුවී තිබේ. https://www.youtube.com/watch?v=zhwowVsBrBY