හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

by Staff writer 24-07-2019 | 9:02 AM
COLOMBO (News 1st): වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී යළි දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා පැවසුවේ ඊයේ රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බව ය. එය සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.