ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළට

වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළට

by Staff writer 24-07-2019 | 8:39 AM
COLOMBO (News 1st): පසුගිය දිනවල ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ජල විදුලි බල උත්පාදනයද 20% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය. මේ අතර අධික සුළං සහිත කාලගුණයත් සමග හටගත් විදුලිය ඇනහිටීම් යථා තත්වයට පත් කළ බව සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.