by Staff writer 24-07-2019 | 4:04 PM
COLOMBO (News1st) : ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගමේ (W M Mendis & Co. Ltd) නිෂ්පාදන අයතන දෙකක මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවීම හේතුවෙන්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කළ බවයි.
ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගමේ අලුත්ගම සහ වැලිසර පිහිටි කාර්මාන්ත ශාලා දෙකක නිෂ්පාදන කටයුතු මෙලෙස නතර කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මත්පැන් නිෂ්පාදනයට අදාළ බදු මුදල් රජයට ගෙවීම සඳහා දින 15ක කාලයක් ලබා දී ඇති බවයි.
එම කාල සීමාව තුළ බදු මුදල් නියමිත පරිදි ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, අදාළ කාර්මාන්ත ශාලා දෙකේ නිෂ්පාදන තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.