මාකදුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ අයෙක් අත්අඩංගුවට

මාකදුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ අයෙක් අලුත්ගමදී අත්අඩංගුවට

by Staff writer 24-07-2019 | 3:40 PM
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ් හා කංජිපානි ඉම්රාන් නමැති පාතාල සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අලුත්ගම, අරුණලු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි දර්ගා නගරය මීගම 4 කණුව කුරුන්ද පාර ප්‍රදේශයේ පදිංචි ලන්තුවා හන්දි සංජීව පුෂ්පකුමාර නමැති අයෙකි. ඔහු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණයන්ට සම්බන්ධ බව පොලීසිය සඳහන් කළේ ය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.