ගිනි අවි අතුරුදන් වීම පිළිබඳ විමර්ශන CID යට

පානදුර උතුර පොලිස් ස්ථානයේ ගිනි අවි 2ක් අතුරුදන් වීම: විමර්ශන CID යට

by Staff writer 24-07-2019 | 10:40 AM
COLOMBO (News 1st): පානදුර, උතුර පොලිස් ස්ථානයෙන් ටී-56 වර්ගයේ ගිනිඅවි 02ක් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ය. මෙම ගිනිඅවි දෙක අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට මීට පෙර පියවර ගැනිණි. පසුගිය 04 වැනිදා පානදුර උතුර පොලිස් ස්ථානයේ රාජකාරී භාර නිලධාරියා ගිනි අවි සම්බන්ධයන් කළ පරික්ෂාවකදී ටී - 56 ගිනි අවි දෙකක් අස්ථානගත වී ඇති බව තහවුරු විය.