චීන ජාතිකයින් 11 ක් අත්අඩංගුවේ

චීන ජාතිකයින් 11 ක් ආගමන විගමන දෙපාර්තමේන්තු අත්අඩංගුවේ

by Staff writer 24-07-2019 | 3:47 PM
COLOMBO (News 1st): නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි විමර්ශන අංශයේ සහකාර පාලක එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේ කොළඹ - 2 ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක ඔවුන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වී තිබේ. සැකකරුවෝ අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නෝ වෙති. විමර්ශන අවසන් වනතෙක් ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.