හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

කර්තෘ Staff writer

24 Jul, 2019 | 9:02 am

COLOMBO (News 1st): වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී යළි දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා පැවසුවේ ඊයේ රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බව ය.

එය සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]