නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

කර්තෘ Staff writer

24 Jul, 2019 | 5:59 pm

COLOMBO (News 1st) : තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවට හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පවසයි.

2003 වසරේදී එක්දින වරම් දිනූ නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ 2005 වසරේදීයි.

එක්දින ජාත්‍යන්තර තරග 184ක්, ටෙස්ට් තරග 21ක් සහ පන්දුවාර 20යි 20 තරග 58කට කුලසේකර සහභාගී විය.

එක්දින කඩුලු 199ක්, ටෙස්ට් කඩුලු 48ක්, පන්දුවාර 20යි 20 කඩුලු 66ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වේ.

ඔහු එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස පෙරමුණට පැමිණියේ 2009 වසරේදීයි.

කුලසේකර 2017 වසරේ ජූලි මාසයෙන් අනතුරුව කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]