චීනය සහ රුසියාව ප්‍රථම වරට ඒකාබද්ධ ගුවන් මුර සංචාරයක

චීනය සහ රුසියාව ප්‍රථම වරට ඒකාබද්ධ ගුවන් මුර සංචාරයක

චීනය සහ රුසියාව ප්‍රථම වරට ඒකාබද්ධ ගුවන් මුර සංචාරයක

කර්තෘ Staff writer

24 Jul, 2019 | 10:49 am

(News 1st): ප්‍රථම වරට චීනය සහ රුසියාව ඒකාබද්ධ ගුවන් මුර සංචාරයක් සිදුකර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් බෝම්බ හෙළන ගුවන් යානා 4ක්, ජපාන මුහුද හා නැගෙනහිර චීන මුහුද හරහා පෙර සැලසුම් කළ මාර්ගයක මුර සංචාරයේ යෙදුනු බව ය.

එලෙස මුර සංචාරයේ යෙදී සිටි යානයකට දකුණු කොරියාව ඊයේ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව ද රුසියාව පවසයි.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, ඩොකෝඩෝ සහ තකෙෂිමා දූපත් ආශ්‍රිතව මෙම රුසියානු හමුදා ගුවන් යානය පියාසර කළ බව ය.

අනතුරුව සිය ප්‍රහාරක ගුවන් යානා ඒ වෙත යවා අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ලකර එම රුසියානු යානා ආපසු හරවා යැවීමට දකුණු කොරියාව පියවර ගැනිණි.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ සහ රුසියාවේ මෙම ක්‍රියාකලාපය ජපානය හෙළා දැක තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]