ආවා කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට

මනිපායි පහර දීම: ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 23-07-2019 | 10:56 AM
COLOMBO (News 1st): ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය පැවසුවේ එම දෙදෙනාට අමතරව තවත් සැකකරුවෙකු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩගුවට ගත් බව ය. පසුගිය 21 වැනිදා රාත්‍රී මනිපායි, ඉනුවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධ සමග නිවාස කිහිපයකට පහරදීමට පැමිණීමේ සිද්ධියට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය හා මනිපායි ප්‍රදේශවල පදිංචිකරුන් පිරිසකි.