පාසල් සිසුන්ට දියර කිරි ලබා දීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

by Staff writer 23-07-2019 | 1:40 PM
COLOMBO (News 1st): පාසල් සිසුන්ට දියර කිරි ලබා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ආරම්භ විය. 'කිරෙන් සපිරි දැයක්' යන තේමාව යටතේ සිදු කරන ජාතික වැඩසටහන පැවැත්වුණේ, රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ය. මෙම වැඩසටහන අනුව පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්‍ෂ හතරකට, දිනකට දියර කිරි මිලි ලීටර් 150 ක් බැගින් ලබාදීමට නියමිත ය. මේ සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර ඇති බව සඳහන් වේ. පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සකස් කළ ප‍්‍රමිතිගත දියර කිරි පැකට්ටුවක් ලබාදීමට කටයුතු සලසා තිබේ.