ත්‍රස්ත කණ්ඩායම ගැන තොරතුරු දුන්නාට‍, ලක්ෂ 50ක්

ත්‍රස්ත කණ්ඩායම ගැන තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්

by Staff writer 23-07-2019 | 6:33 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් පිරි නැමීමට පොලීසිය තීරණය කර තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, එම තීරණයට වැඩබලන පොලිස්පතිවරයා අනුමැතිය ලබා දුන් බවයි. අදාළ පුද්ගලයා ත්‍රස්ත කණ්ඩායම් පිළිබඳ සාර්ථක තොරුතුරු දෙකක් පොලීසියට ලබාදී තිබේ. එම තොරතුරු මත පසුගිය අප්‍රේල් 26 වැනි දින සමන්තුරේ සෙනගල් ග්‍රාමයේ නිවසක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ අතර එදිනම සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් පුපුරණද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය.