කල්ලඩිචේනෙයිහිදී ධීවරයින් 20ක් අත්අඩංගුවට

කල්ලඩිචේනෙයිහිදී ධීවරයින් 20ක් අත්අඩංගුවට

by Staff writer 23-07-2019 | 4:08 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 20 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, එහිදි ඩිංගි යාත්‍රා 05ක් , පිටත දහන යන්ත්‍ර 05 ක් සහ තහනම් දැල් 04 ක් සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 20 ත් 44 ත් අතර වියෙහි පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මූතුර් ප්‍රදේශවල පදිංචිකරුවන් ය.