කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

අද සවස 6 සිට කොළඹට පැය 16ක ජල කප්පාදුවක් සහ අඩු පීඩනය යටතේ ජලය

by Staff writer 23-07-2019 | 2:43 PM
  COLOMBO (News 1st): අද සවස 6 සිට කොළඹට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිඳවැටීමක් හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට එලෙස අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ය. මීට අමතරව කොළඹ 03, 04, 05 , 06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට මෙම කාල සීමාව තුළදී සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේය.