රිදීමාලියද්දේ රිය අනතුරකින් දරුවෙකු මියයයි

රිදීමාලියද්දේ රිය අනතුරකින් දරුවෙකු මියයයි

by Staff writer 22-07-2019 | 2:06 PM
COLOMBO (News 1st) : රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර මාර්ගයේ යකහල්පොත, ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ එම දරුවා මාර්ගය හරහා යාමට උත්සාහ කිරීමේදී කැබ් රථයේ ගැටී ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව් හැවිරිදි අදාළ දරුවා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.