මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම ගුටි කෙළියකින් අවසන් වෙයි

by Staff writer 22-07-2019 | 8:52 PM

COLOMBO (News 1st) - මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විශේෂ සභාවාරයක් අද පැවැත් විය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර පසුව ගැටුමක් දක්වා දුර දිග ගොස් තිබේ. මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සේවක වැටුප් ගෙවීම් හා මාවනැල්ලේ කැලි කසළ ප‍්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ සභා වාරය අද කැඳවා තිබුණි.