දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

by Staff writer 22-07-2019 | 6:12 PM

COLOMBO (News 1st) - අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් තවදුරටත් දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් වාර්තා වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, මේ වන විට පවුල් 14,000 කට අධික පිරිසකට විදුලිය බිඳ වැටීම් වාර්තා වන බවයි. මාතර, ගාල්ල, අම්බලන්තොට සහ අකුරැස්ස ප්‍රදේශවලින් එම විදුලි බිඳ වැටීම් වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇති බවයි.