තැපැල් සේවකයෝ අද ලෙඩ වෙති

තැපැල් සේවකයින් අසනීප නිවාඩු දමා වෘත්තිය ක්‍රියා මාර්ගයක

by Staff writer 22-07-2019 | 6:54 AM
COLOMBO (News 1st) : තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටිති. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ඊට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් එක්වන බවයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළැඹීම නුසුදුසු ක්‍රියාවක් බවයි. ඒ හේතුවෙන්, මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන්නැයි, ඔහු වෘත්තිය සමිතිවලට දැනුම් දෙයි.