උසස් පෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට දීමනාවක්

උසස් පෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට දීමනාවක්

by Staff writer 22-07-2019 | 11:34 AM
COLOMBO (News 1st) : උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට ආයතනික පුහුණුව ලබන කාල සීමාව තුළදී රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව හිමිවීමයි. උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට වෘත්තිය විෂයයන් 26 ක් අතරින් තමන් කැමති විෂයන් 3 ක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබීම ද තවත් විශේෂත්වයක් වේ. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ළමා මනෝවිද්‍යාව, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය, ආහාර නිෂ්පාදන සැලසුම් තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ පිරිසැකසුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික, සංචරණය හා ආගන්තුක සත්කාරය, පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වේ.