by Staff writer 22-07-2019 | 4:58 PM
COLOMBO (News 1st) - හදිසි නීතිය තව ත් මසකින් දීර්ඝ කර තිබේ.
ඒ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන්නේ, ජනාධිපතිතුමාගේ අණ පරිදියි.
පසුගිය අප්‍රේල් මස 21 වෙනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය පැනවීමට තීරණය කර තිබේ.