රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 21-07-2019 | 7:24 AM

COLOMBO (News 1st) - රත්ගම, මලීදූව කැකිල්ල මණ්ඩිය මංසන්ධියේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.20 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි සමීර චන්ද්‍රමාල් නැමැති වැවදෙණිය කපුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.