ධීවරයින්ට තවදුරටත් අනතුරු ඇඟවීම්...

ධීවරයින්ට තවදුරටත් මුහුදු යාමෙන් වළකින්නැයි අනතුරු ඇඟවීම්...

by Staff writer 21-07-2019 | 6:39 AM

COLOMBO (News 1st) - මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අධික සුළං සහිත කලගුණයක් තවදුරටත් අපේක්ෂා කරන බවයි. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවැසුවේ, දිස්ත්‍රික්ක 7 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වය තරමක අඩුවීමක් ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.