දැඩි සුළඟින් නිවාස හා ගොඩනැගිලි 1300 කට හානි

දැඩි සුළං සහ වැසි හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි 1300 කට හානි...

by Staff writer 21-07-2019 | 7:05 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපය තුළ බලපෑ අධික සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් නිවාස හා ගොඩනැගිලි 1300 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඒ අනතුරින් නිවාස 50 කට පූර්ණ හානි සිදු ව ඇති බවයි. හානියට පත් ගොඩනැගිලි අතර ව්‍යාපාරික ස්ථාන 50 ක් පමණ වන බව ද ඔහු සඳහන් කළේ ය. වැඩිම නිවාස සංඛ්‍යාවක් හානියට පත් ව ඇත්තේ ගාල්ල, කළුතර මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල බව ද චමින්ද පතිරාජ මහතා පැවසුවේ ය.