තැපැල් සේවකයින් පැය 24 කට අසනීපයි

තැපැල් සේවකයින් පැය 24 කට අසනීපයි

by Staff writer 21-07-2019 | 5:26 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. ඔහු සඳහන් කළේ, සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළැඹීම නුසුදුසු ක්‍රියාවක් බවයි. ඒ හේතුවෙන්, මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන්නැයි, ඔහු වෘත්තිය සමිතිවලට දැනුම් දෙයි.