තැපැල් සේවකයින් පැය 24  ක් අසනීප නිවාඩු...

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් අසනීප නිවාඩු...

by Staff writer 21-07-2019 | 7:14 AM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති එක් දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබේ. ඔහු සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇති බවයි.