ජනතා ගැටලු සොයන ගම්මැද්ද අදත් දිස්ත්‍රික්ක 3 කට

ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩාම් මහනුවර, ගාල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවලට

by Staff writer 21-07-2019 | 10:15 AM

COLOMBO (News 1st) - මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ සිව්වැනි දිනය අද යි.

අද ත් අප කණ්ඩායම් තුනක් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක සංචාරය කරමින් මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටලු හඳුනා ගැනීමට සූදානම් ය. ඒ, අනුව ගම්මැද්ද කණ්ඩාම් මහනුවර, ගාල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතා ගැටලු සොයා බැලීමට නියමිත ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන සමග එක් ව සිටීම විශේෂත්වයකි.