රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කර්තෘ Staff writer

21 Jul, 2019 | 7:24 am

COLOMBO (News 1st) – රත්ගම, මලීදූව කැකිල්ල මණ්ඩිය මංසන්ධියේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.20 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි සමීර චන්ද්‍රමාල් නැමැති වැවදෙණිය කපුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]