ප්‍රදේශ 3කට නායයාමේ අවදානම් රතු නිවේදන

Red Notice: ප්‍රදේශ 3කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කෙරේ

by Staff writer 20-07-2019 | 9:32 AM
COLOMBO (News 1st): අධික වර්ෂාවත් සමග ප්‍රදේශ 3කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශය පියවර ගෙන තිබේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ රත්නපුර, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නුවරඑලිය, කොත්මලේ ප්‍රදේශයට සහ මහනුවර, උඩපලාත යන ප්‍රදේශවලට එලෙස රතු නිවේදන නිකුත් කර ඇති බව ය. මේ අතර පවතින වර්ෂාවත් සමග රත්නපුර, නුවරඑළිය කෑගල්ල, මහනුවර ,කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් අද රාත්‍රි 9 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ජනතාවට මේ පිළිබදව අවධානය යොමු කරන ලෙස ය.