බේස්බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

JUST IN : බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

by Staff writer 20-07-2019 | 5:22 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී, ප්‍රතිවාදී පකිස්ථානය ලකුණු 5 ට 4 ක් ලෙස පරාජය කරමිනි. බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය 14 වැනි වරට සංවිධානය කෙරුණු අතර එය පැවැත්වුණේ දියගමදීයි. ශ්‍රී ලංකාව 2017 වසරේදී පකිස්ථානය පරදවමින් මෙම තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ය. ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියට නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ, ටී.වී. වන් ප්‍රමුඛ '' චැම්පියන්ස් නෙට්වර්ක් ''.