රුපියල් මිලියන 20ක කේරල ගංජා පොලීසිය භාරයට

රුපියල් මිලියන 20ක කේරල ගංජා සමග පුද්ගලයෙකු කොටුවෙයි

by Chathuranga Rajapaksha 20-07-2019 | 10:41 AM
COLOMBO (News 1st): පරයානකුලම්, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික විටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 203 ක් සිය භාරයට ගත් බව ය. මන්නාරම - මැදවච්චිය මාර්ගයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාල කේරල ගංජා තොගය පොලීසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පලෙයි, අඩප්පන් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.