රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කෙරේ

රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කෙරේ

by Staff writer 20-07-2019 | 7:15 AM
COLOMBO (News 1st): අද (20) ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල හා පොතුහැර අතර කොටසේ නඩත්තුවක් හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර අවලංගු කර තිබේ. කොළඹ කොටුව සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ත්‍රීකුණාමලය බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය 04ක් සහ කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය 04 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.