පොලිස් නිලධාරීන් 53 කට ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරීන් 53 කට ස්ථාන මාරුවීම්

by Staff writer 20-07-2019 | 4:30 PM
COLOMBO (News 1st) : වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම මාරුවීම් ලබාදී ඇති බවයි. ඒ අනුව පොලිස් අධිකාරීවරුන් 7දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් 15 කට ස්ථාන මාරු වීම් ලබාදී තිබේ. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරික්ෂකරුවන් 20 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකුටත් ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.