ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-07-2019 | 6:31 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නාය ගිය අතර එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. 2. ත්‍රීකුණාමලය, පුල්මුඩෙයි ප්‍රදේශයේදි ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල්ගත කළේය. 3. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම්කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි, නීතිපතිවරයා ඊයේ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. 4. අයහපත් කාලගුණයත් සමග ගාල්ලේදී අනතුරට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව දැනට තිබෙන්නේ සුප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය ආසන්නයේ බව, සමුද්‍රීය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. 5. ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලබන 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 1. ගල්ෆ් මුහුදට ඉහළ ගුවන් අවකාශයේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 1. වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානය සඳහා සුපිරි එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ගේ නම නිර්දේශ වී තිබේ. 28 හැවිරිදි බෙන් ස්ටොක් 2011 වසරේදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගත්තේ ය. බෙන් ස්ටෝක්ගේ දෙමව්පියන් නවසීලන්ත ජාතිකයන් වන අතර, ස්ටෝක්ද උපත ලැබූයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදීයී. 2. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට හා එරට ක්‍රිකට් ආයතනයට වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනමක් පනවා තිබේ.