අයහපත් කාලගුණය: මියගිය ගණන 8 දක්වා ඉහළට

අයහපත් කාලගුණය: මියගිය ගණන 8 දක්වා ඉහළට

by Staff writer 20-07-2019 | 12:45 PM
COLOMBO (News 1st): රත්ගම, ඕවර්කන්ද ප්‍රදේශයේදී යතුරු පැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මතට දැඩි සුළඟ හේතුවෙන් පොල් ගස කඩා වැටී ඇති බව ය. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්. අදාල සිද්ධිය ත් සමග නායයාම්, ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ පනස් දහසක් පමණ පීඩාවට පත්ව සිටින බව ය.