by Staff writer 20-07-2019 | 7:28 AM
COLOMBO (News 1st): මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ තුන්වැනි දිනය අදයි.
අද ත් අප කණ්ඩායම් 3ක් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක සංචාරය කරමින් මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලු හඳුනා ගැනීමට සූදානමින් සිටී.
ඒ, අනුව ගම්මැද්ද කණ්ඩාම් මාතලේ, ගාල්ල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතා ගැටලු සොයා බැලීමට නියමිත ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන සමග එක්ව සිටීම විශේෂත්වයකි.