වන අලියෙකු දුම්රියේ ගැටෙයි

කන්කසන්තුරේ තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටෙයි

by Chathuranga Rajapaksha 20-07-2019 | 10:03 AM
COLOMBO (News 1st): කොටුව සිට කන්කසන්තුරේ බලා ඊයේ ධාවනය කළ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටී තිබේ. ඕමන්ත හා පුලියන්කුලම් දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ අතර මැදවච්චිය, තුලාවෙලිය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු එලෙස මියගොස් ඇති බව ය.