බීමත් රියැදුරන් 3879ක් පොලිස් අත්අඩංගුවට

බීමත් රියැදුරන් 3879ක් පොලිස් අත්අඩංගුවට

by Staff writer 19-07-2019 | 2:58 PM
COLOMBO (News 1st) : දින 14 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3879 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්, පසුගිය 5 වන දා ආරම්භ කළ බවයි. අද උදෑසන 6 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.