by Staff writer 19-07-2019 | 4:42 PM
COLOMBO (News 1st) : දිවයින හරහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය හා මධ්‍යම හා සබරගමුව පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමිටර් 70-80 ත් අතර ඉතා තද සුළං අපෙක්ෂා කරන අතර සෙසු ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ අණාවැකියේ සඳහන් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ බස්නාහිර නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හා සුළං තත්ත්වය ලබන 21 වන දා දක්වා පැවතිය හැකි බවයි.